නුඹයි අපෙ අම්මේ......


වෙහෙරක් වගේ පිං දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබූ කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ....
නුඹයි අපෙ අම්මේ......
සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරලක් වගේ පන දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ....
නුඹයි අපෙ අම්මේ......
කදුලක් වෙලා දුක් වූ කෙනෙක්
දියඹක් වෙලා තුටු වූ කෙනෙක්
ගගුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ....
නුඹයි අපෙ අම්මේ......