මම කවුළුව හැරියෙමි. කාමරය තුලට සිසිල් සුළං හැම එයි. නිල්වන්
පැහැදිලි අද අදුරේ හිද , මගේ චිත්‍ර වල තිබෙන කටු සටහනින් යුත් රුප හා දර්ශන දෙස
මහත් ඕන කමින් බලන්නට වීමි. ඒ කටු සටහන් කිහිපවරක්ම මකා දමා මුලසිටම අදිනලද ඒවාය.
එහෙත් චිත්‍රය ගැන යමක් කීමට උචිත වේලාව නොවෙයි මේ. ප්‍රධාන දේ තවම අතට අසුවූ නැති
හැඩයි. සිත් තුල දැතින් බදා අල්ලාගත නොහැකි ප්‍රීතියක් ඇතිකරමිනි , එය පැනනගින්නේ.
ගිම්හානයේ අරුණෝදය මෙන් වැඩි එන පැහැදිලි බවකින් හා ස්ථිර ගතියකින් යුතුව සැනකින්
එය පැනනැගී. අරුණෝදයේ නිසලතාවයට වැදෙන මම කල්පනා කරන්නට වීමි . මා මෙසේ හැසිරුණු
වාර අපමණය. මගෙ චිත්‍රය තවම සිතුවිලි මාත්‍රයකට පමණක් සිමාවී තිබෙන බව ඒ හැම
වාරයකදීම ඒත්තු ගියේය.
අවසාන නොකළ දෑ ගැන කිට්ටු යහළුවන්ට දන්වා සිටීම
අනුමත කරන එකෙකු නොවෙමි මම. දැඩි ඊර්ශ්යවකින් යුතුව මගෙ වැඩ දෙස බලන නිසා නොවේ මා
එසේ සිතන්නේ. අද තොටිල්ලේ නැලවෙමින් සිටින දරු පැටියේක් හෙට මොන විදිහට හැදී වැඩි
නැගී සිටිතිද යන්න සිතාගැනීම අමාරු කාර්යයක් නිසාය. ඇඳ අවසාන නොකරනලද චිත්‍රයක්
ගැන තීරණය කිරීමද අසීරු වැඩකි.
එහෙත් මෙවර මගෙ රීතින් මම කඩා දැමුවෙමි. අවසාන නොකළ
එම චිත්‍රය ගැන මම මහහඩින් කියපැමටත් , එයටත් වඩා ස්ථිර ලෙස කියන්නේනම් , ඒ ගැන
මිනිසුන්ගේ අදහස් උදහස් දැනගැනීමටත් මට උවමනා වී ඇත.
එය අභිලාශය නොවේ..... ඒ කාරිය වෙන අන්දමකට කල
නොහැකිය . ඒ බර තනියම ඉසිලීමට මට සවි ශක්තියක් නැති නිසාය... ............ හදවත
තුල ඇති දයාන්විත බව ගැන දුක් නොවන්න... මා සමීපයට එන්න.... ඒ කතාව කීම මගෙ
යුතුකමකි.............